
කොරෝනා වසංගතය ව්‍යාප්තියත් සමග වසා දැමුණු කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල යළි විවෘත කිරීම දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
අගෝස්තු මස පළමු වැනිදා සිට ගුවන් තොටුපොල විවෘත කිරීමට මීට පෙර තීන්දුවක් ගෙන තිබුණි. විදේශ සබඳතා පිළිබද ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ තත්ත්වය පමණක් නොව සෙසු රටවල කොරෝනා වසංගත ව්‍යාප්ති තත්ත්වයද ගුවන් තොටුපොල විවෘත කිරීමේදී සැලකිය යුතු වන සාධකයක් බවයි.
කෙසේ නමුත්, මේ වනවිටත් ගුවන් තොටුපොල විවෘත කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදුකරමින් ඇති බව අද්මිරාල් කොළඹගේ පැහැදිලි කළේ ය.