ඉරානය නව මිසයිලයක් අත් හදා බලයි

ඉරානය මේ දිනවල සිදු කරන Great Prophet 14 යුධාභ්‍යාස අතරතුර දී නවීන මිසයිලයක් අත්හදා බලා ඇතැයි වාර්තා වනවා. මෙය වැඩිදියුණු කළ Fateh මිසයිලයක් බවයි වාර්තා වන්නේ.

මෙම මිසයිල ඒවායේ ඉලක්ක වෙත සාර්ථක ලෙස ළඟාවන බවක් පෙන්නුම් කෙරෙන බවයි වාර්තා වන්නේ.
මේ අතර ඉරාන ගුවන් හමුදාව ද ගොඩබිම් ඉලක්ක වෙත පහර දීමේ අභ්‍යාස මෙහිදී සිදුකළා.

මෙම අභ්‍යාස පැවැත්වෙන්නේ පර්සියානු බොක්කට ඇතුල් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආසන්න ප්‍රදේශයේයි. එහෙයින් ඒ පිළිබඳ ඇමරිකාව සිය විරෝධය දක්වා තිබුණා.

Recommended For You

About the Author: Editor