නව නීති යටතේ පළමු හොංකොං සිසුන් පිරිස අත් අඩංගුවට ගැනේ

හොංකොං හි විපක්ෂ ක්‍රියාකාරීන් වූ සිසුන් සිව් දෙනකු එරට පොලිසිය විසින් ඊයේ අත් අඩංගුවට ගනු ලැබුණා.

අවුරුදු 16 සිට 21 දක්වා වන සිසුන් තිදෙනකු හා සිසුවියක මෙසේ අත් අඩංගුවට ගනු ලැබුණා. ඔවුන් Student Localism නම් හොංකොං හි ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටි සංවිධානයක සාමාජිකයන් වුණා. මෙම සංවිධානය හිංකොං හි නව ආරක්ෂක නීති පැනවීමට පෙර විසුරුවා හරිනු ලැබුණා.

අදාල සිසුන් සම්බන්ධ වූ සංවිධානය හොංකොං හි ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් ස්ථාපිත කරන ලද බව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර ඇතැයි බලධාරීන් පවසනවා.

අත් අඩංගුවට ගත් පිරිස සමග ඔවුන්ගේ පරිගණක, දුරකථන හා ලියකියවිලි රැසක් ද තමන් භාරයට ගත් බව බලධාරීන් දැනුම් දුන්නා.

Recommended For You

About the Author: Editor