ජපානයේ සිදුවූ පිපිරීමකින් අයකු මරුට

ජපානයේ ෆුකුෂිමා ප්‍රාන්තයේ ආපන ශාලාවක සිදුවූ පිපිරීමකින් එක් අයකු මියගොස් 17 දෙනකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූවන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වුණා.

මෙම පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ. පිපිරීම සිදුවූ ගොඩනැගිල්ලේ රාමුව පමණක් ඉතිරිව තිබෙනු දක්නට ලැබුණා. එහි සිට මීටර් 300 ක ප්‍රදේශයක් දක්වා ඇතුල් වීම සීමා කර තිබෙනවා.

Recommended For You

About the Author: Editor