
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණය අනුව පක්ෂයෙන් නෙරපූ අයගේ නාම ලේඛණය අද නිකුත් වුණා.
මෙහිදී සමගි ජන බලවේගයෙන් නාමයෝජනා ලබාගත් 54 දෙනකු සහ එජාප මැතිවරණ ව්‍යාපාරයට සහය නොදුන් හැට දෙනෙක් පක් ෂයෙන් ඉවත් කර තිබෙනවා.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස නෙරපා නැතත්, විනය පියවර තවමත් නොගත් පිරිසකට එරෙහිව ඉදිරියේදී එම පියවර ගන්නා බව පක්ෂ ලේකම් අකිල විරාජ් කාරියවසම් ඊයේ සඳහන් කළා.
