
ඉරානයේ මේ දිනවල පැවැත්වෙන යුධ අභ්‍යාස පිළිබඳව ජාත්‍යන්තරයේ අවධානය යොමු වී තිබෙනවා. ඔවුන් සිය ගුවන් යානා සහ මිසයිල අත් හදා බලන දර්ශන මීට පෙර මාධ්‍යවලට නිකුත් කළා.
අද එරට ඉස්ලාමීය විප්ලවකාරී මුරභට හමුදාව සිය මාධ්‍ය ආයතන හරහා ඔවුන්ගේ ඩ්‍රෝන යුධ අභ්‍යාස සඳහා එක්වන අයුරු දැක්වෙන දර්ශන මුදාහැර තිබෙනවා. රුසියාවේ RT රූපවාහිනියේ අරාබි සේවය ද එම දර්ශන අන්තර්ජාලයට එක්කර තිබුණා.