
ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු කොවිඩ් 19 ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමස්ත කාර්ය මණ්ඩලයට සිදුකරන ලද PCR පරීක්ෂණවල ප්‍රතිඵල මත මෙම ආසාදිතයා හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කර ඇත.
එම රෝගියා මීට පෙර කන්දකාඩු රැඳවුම් මධ්‍යස්ථානයෙන් හඳුනාගත් රෝගියෙකුගේ සමීප ආශ්‍රිතයෙකි.
ඒ අනුව මේ වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2811ක් දක්වා ඉහළ ගොස් තිබේ.