
ඊශ්‍රායලය ලෙබනන දේශසීමාවට නවීන මිසයිල යවයි
ඊශ්‍රායලය ලෙබනන සහ සිරියා දේශසීමා ප්‍රදේශයට නවීන මිසයිල පද්ධති, රොකට් විදිනයන් හා බුද්ධි තොරතුරු එකතු කිරීමට අවශ්‍ය විවිධ උපාංග යවා ඇතැයි ඊශ්‍රායලයේ හීබෲ රූපවාහිනී චැනලයක් ඊයේ රාත්‍රියේ ප්‍රකාශ කර තිබෙනවා.
ඔවුන් කියා සිටින්නේ ඊද් අල්-අද්හා නිවාඩුවට සමගාමීව හිස්බුල්ලා ප්‍රහාරයක් එල්ල වේ යයි ඊශ්‍රායලය විශ්වාස කරන බවයි.
ජූලි 20 වනදා ඊශ්‍රායල ප්‍රහාරයකින් හිස්බුල්ලා සාමාජිකයකු මියගිය අවස්ථාවේ සිට ඊශ්‍රායල – ලෙබනන දේශසීමාව උණුසුම්ව පවතිනවා. ඉන්පසු එක් දිනෙක ගැටුමක් වාර්තා වුණ ද හිස්බුල්ලා සංවිධානය කියා සිටියේ එය ඊශ්‍රායලය විසින් මවා පෑ ගැටුමක් පමණක් බවයි.
ලිබියාවේ හමුදා කඳවුරු අවශ්‍ය නැති බව රුසියාව කියයි
බියාවේ හමුදා කඳවුරු පිහිටුවීමට රුසියාවට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ඊජිප්තුවේ රුසියානු තානාපති ජෝර්ජි බොරිසෙන්කෝ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ඊජිප්තුවේ වැනල් 10 සමග වූ සම්මුඛ සාකච්ඡාවකදී යි.
ලිබියාවේ එක්සත් ජාතීන්ගේ පිළිගැනීම ලද ජාතික එකඟතා රජයේ අභ්‍යන්තර කටයුතු ඇමති ෆාති බෂිකා, බ්ලූම්බර්ග් පුවත් සේවය සමග ප්‍රකාශ කර තිබුණේ රුසියාව සිර්ටේ හා අල්-ජෆ්‍රා හි හමුදා කඳවුරු පිහිටුවීමට ගන්නා උත්සාහයන් ව්‍යර්ථ කළ යුතු බව යි.
ජාතික එකඟතා රජය සහ කලීෆා හෆ්තාර් මෙහෙයවන ලිබියානු ජාතික හමුදාව අතර පවතින සිවිල් යුද්ධය තවමත් ක්‍රියාත්මකයි. ලිබියානු ජාතික හමුදාවට ඊජිප්තුව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහය දෙන අතර රුසියාවේ සහය ද ලැබෙන බව පැවසෙනවා. ජාතික එකඟතා රජය වෙනුවෙන් විශාලම සහය ලැබෙන්නේ තුර්කියෙන්