
එල්පීඑල් 20/20 තරඟාවලියේ අවසාන මහා තරඟය සැප්තැම්බර් 20 වන දාට යෙදී තිබෙන බැවින් අයිපීඑල් තරඟාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ලසිත් මාලිංගට සහ ඉසුරු උදානට අයිපීඑල් තරඟාවලියේ මූලික තරඟ අහිමි වී යාමේ හැකියාවක් පවතී.
යෝජති එල්පීඑල් තරඟාවලියේ අවසාන තරඟය සැප්තැම්බර් 20 පැවත්වීමට නියමිත අතර අයිපීඑල් තරඟාවලිය ආරම්භ වෙන්නේ සැප්තැම්බර් 19 දා ය.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එල්පීඑල් තරඟාවලියට සහභාගි වන ක්‍රීඩකයෙකුට අතරමඟ තරඟාවලිය හැර යාමට නොහැකි වන සේ ගිවිසුම් සකස් කර තිබෙන නිසා මෙන්ම අයිපීඑල් තරඟාවලිය සඳහා යන ක්‍රීඩකයෙක්ට පැය 72 ක් අනිවාර්ය නිරෝධායන කාලයකට යටත් වෙන්න සිදුවීම ද සැළකිල්ලට ගනිද්දී ලසිත් මාලිංගට සහ ඉසුරු උදානට අයිපීඑල් මුලු තරග අහිමි වීමේ බලපෑමක් තිබෙන බව පැහැදිළිය.
එසේම ක්‍රිකට් කේෂ්ත්‍රයට අදාළ ආරංචි මාර්ග පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දිනවල තරඟවලියට සහභාගි කර ගන්නට බලාපොරොත්තු වෙන විදේශ ක්‍රීඩකයන් හා සාකච්ඡාවලදී ද මේ තත්ත්වය තරඟාවලියට දක්ෂ ක්‍රීඩකයන්ගේ සහභාගීතවය අවම කරන්නට යම් හේතුවක් විය හැකි බවය.