නිවුන් සොහොයුරෝ ගිනස් වැට උඩ

ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජෙනරාල්වරුන් වන ජයන්ත සෙනවිරත්න සහ පූරක සෙනවිරත්න යන නිවුන් සොහොයුරන් දෙපළ එකම දිනක ඉපැදී ජීවීතයේ සියලු කඩ ඉම් මේජර් ජෙනරාල් තනතුර දකවා පැමිණෙන තෙක් එකම දිනයක පසු කිරීම පිළිබඳව ලෝක ගිනස් වාර්තා කොමිටියට වාර්තා කිරීම පිළිබද සහතික කිරීම පසුගියදා සිදු විය.

ඒ සඳහා අවශ්‍යය පිළිගත් සියලු සහතික අනුමත කර ජාත්‍යන්තර ගිනස් කමිටුව වෙත යැවීමට කටයුතු සැකසීම සිදු වූ එම අවස්ථාවට යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ද එක් වී සිටි අතර එම වාර්තාව අධික්ෂණ කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ සමන් අමරසිංහ ය.

ජයන්ත සහ පූරක දෙදෙනා රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෝය.

Recommended For You

About the Author: Editor