ඩේවිඩ් විලී අයර්ලන්තයේ කඩුලු පහක් උදුරා ගනියි

එංගලන්තය සහ අයර්ලන්තය අතර පැවති ජාත්‍යන්තර එක්දින තරඟයේ දී පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්ත පිළේ කඩුලු 5 ක් ලකුණු 30 දවා ගත් ඩේවිඩ් විලී,එංගලන්තයට කඩුලු හයක ජයග්‍රහණයක් කරා යාමට හැකි මාවත සකස් කර දුන්නේය.

පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්ත පිලේ මුල් කඩුලු 5 ලකුණු 28 ක් වෙද්දී ඔවුන්ට අහිමිවි තිබුණු අතර නමුත් කර්ටීස් කැම්ප්හර් නොදැවී ලකුණු 59 ක් බමින් අයර්ලන්ත ලකුණු පූවරුව ඉහළට ඔසවා තබන්නට දැඩි වෙහෙසක් දැරීය.ඇන්ඩි මැක්බ්රේන් (40) හැරෙන්නට කිසිවෙක් කැම්ප්හර් ට නිසි සහයක් ලබා නොදුන් අතර අයර්ලන්ත ඉණිම පන්දු ඕවර් 44.4 දී ලකුණු 172 ට සීමා විය.

පිළිතුරු ඉණිමට පිවිසි එංගලන්තය වෙනුවෙන් බලාපොරොත්තු වූ දස්කම් දක්වන්නට ජේස්න් රෝයි (24),ජොනී බ්‍රේස්ටෝ(02),ජේම්ස් වින්ස් (25) සහ ටොම් බැන්ටන් (11) අසමත් විය.ලකුණු පූවරුව කඩුලු 4 ක් අහිමිව ලකුණු 78 ක් බවට පත්ව තිබුණේ 14 වන පන්දු ඕවරයේ 4 වන පන්දුවේදීය.එතැන් සිට පිටියේ නොබිදි ලකුණු 96 ක් පස්වන කඩුල්ලට එකතු කළ සෑම් බිලින්ග්ස් (67) සහ ඔහුට අනගි සහයක් දුන් නායක ඉයොන් මොර්ගන් (36) තරඟයේ 28 වන ඕවරයේදී ලකුණු 174 ක් බවට එංගලන්ත ලකුණු පූවරුව පත් කළේය.

තරඟයේ වීරයා බවට පත් වූයේ අයර්ලන්ත ඉණිමට හරස් වෙමින් කඩුලු 5 ක් ලැබූ ඩේවිඩ් විලී ය.

ලකුණු විස්තරයට පහතින් පිවිසෙන්න

https://www.espncricinfo.com/series/19489/scorecard/1198247/england-vs-ireland-1st-odi-ireland-in-england-2020

Recommended For You

About the Author: Editor