ප්‍රදේශ කිහිපයකට 60Kmh ඉක්මවු තද සුළං

දකුණු පළාත, පොළොන්නරුව, මන්නාරම සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල විටින් විට පැ.කි.මී. 60 දක්වා තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

ඌව පළාතේ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී.75ක් තරමක් තද වැසි ඇති වේ.

බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන්, මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතී.

වෙරළ ආසන්නයේ ජීවත්වන ජනතාවට මේ පිළිබඳව අවධානයෙන් පසුවෙන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Recommended For You

About the Author: Editor