ලෝක පාපන්දු සම්මේලන සභාපතිට එරෙහිව අපරාධ පරීක්ෂණ

ලෝක පාපන්දු සම්මේලන සභාපති ජියන්නි ඉන්ෆන්ටිනෝට එරෙහිව අපරාධ පරීක්ෂණ ඇරඹීමට ස්විට්සර්ලන්ත පොලිසිය කටයුතු කර තිබෙනවා.
ඊට හේතු වී ඇත්තේ ඔහු හා ස්විස් නීතිපති මයිකල් ලෝබර් අතර වූ හමුවීම් කිහිපයක් පිළිබඳ මතු වූ සැකයයි.

මෙම හමුවීම් ඔස්සේ අපරාධමය වැරදි සිදුවී ඇතැයි ස්විස් බලධාරීන්‍ට සැක මතුවී තිබෙනවා. ස්විස් නීතිපති දෙපාර්තමේන්තුව විසින් ලෝක පාපන්දු සම්මේලනයෙහි දූෂණ පිළිබඳ පරීක්ෂණ සිදු කරන අතරවාරයේ, නීතිපතිවරයා හා ඉන්ෆන්ටිනෝ අතර වූ හමුවක් පිළිබඳ තොරතුරු නීතිපතිවරයා විසින් වසන් කිරීමට උත්සාහ කර තිබෙනවා. මෙම කරුණ හෙළිදරව් වීමෙන් පසු නිතිපතිවරයා සිය ඉල්ලා අස්වීම භාර දුන් අතර අගෝස්තු මස අවසානයේ ඔහු ධුරයෙන් ඉවත්ව යනු ඇති.

ඔහු සහ ඉන්ෆන්ටිනෝ 2016 හා 2017 වසරවලදී තෙවරක් රහසිගතව මුණගැසී තිබෙනවා. මෙම දෙදෙනාම එහිදී වරදක් නොකළ බව ප්‍රකාශ කළා.
ඉන්ෆන්ටිනෝ ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයට පත්වුණේ කලින් සභාපති සෙප් බ්ලැටර් දූෂණ චෝදනා හමුවේ ඉල්ලා අස් වූ පසුයි.

Recommended For You

About the Author: Editor