
අසර්බයිජානයට නවීන අවි සැපයීම නොකරන ලෙස ආර්මේනියාව ඊශ්‍රායලයට ප්‍රකාශ කර තිබෙනවා. ආර්මේනියාව සහ අසර්බයිජානය අතර ඉකුත් ජූලි 12 වනදා සිට ගැටුම් ඇතිවූ අතර එහිදී ඊශ්‍රායලයෙන් ලැබුණ ඩ්‍රෝන යාත්‍රා අසර්බයිජානයට බෙහෙවින් ප්‍රයෝජනවත් වුණ බව සඳහන් වනවා.
අසර්බයිජානය මෙම ඩ්‍රෝනවලින් සිවිල් වැසියන් හා සිවිල් ඉලක්ක වෙත පහර දෙන බවත් එවන් ක්‍රියාවන්ට අනුබල නොදෙන ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටින බවත් ආර්මේනියා විදේශ අමාත්‍යවරයා ජෙරුසලම් පෝස්ට් පුවත්පත සමග කළ සාකච්ඡාවකදී ආර්මේනියානු විදේශ ඇමතිවරයා පවසා තිබෙනවා.