
වර්ෂ 1977 සිට පැවත්වෙන ජපන් විවෘත බැඩිමින්ටන් තරඟාවලිය පළමු වරට නොපවත්වා සිටීමට එම සංවිධායකයන් තීරණය කර ඇත.ඒ පවතින කොවිඩ් 10 වසංගත තත්ත්වය නිසාය.ලොව පුරා ශ්‍රේණිගත බැඩ්මින්ටන් ක්‍රීඩකයන්ගේ සිහින තරඟවලියක් වන ජපන් විවෘත තරඟාවලිය මෙන්ම ආසියාවේ පැවත්වීමට නියමිතව තිබූ එවැනි විවෘත තරඟාවලි තවත් තුනක් නවතා දමන්නටද කටයුතු කර තිබේ.
ජපන් තරඟාවලියට අමතරව මේ වසංගත තත්ත්වය හේතුවෙන් ලොව පුරා බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මෙන්ම ක්‍රීඩා ලෝලීන්ගේද ආදරයට සහ ගෞරවයට පාත්‍ර වූ කොරියානු විවෘත තරඟාවලිය,චීන තායිපේ විවෘත තරඟවලිය මෙන්ම චීන විවෘත තරඟාවලිය මේ වසරේ නොපැවත්වීමට තීරණය කර ඇත.