උමරු අක්මල්ගේ දඬුවම අඩකින් කපා හරියි

මුදලට තරඟ පාවාදීමට පෙළඹවීම සම්බන්ධයෙන් පකිස්තානු ක්‍රිකට් පාළක මණ්ඩලයේ දූෂණ මර්ධන ඒකකය දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් වසර තුනක තරඟ තහනමකට යටත් කළ උමර් අක්මාල් ගේ දඪුවම වසර එක හමාරක් දක්වා කෙටි කරන්නට පකිස්තාන ක්‍රිකට් පාළක මණ්ඩල දූෂණ මර්ධන ඒකකය තීරණය කර ඇත.

ඒ තමන්ට එරෙහිව ලබා දුන් දඬුවමට එරෙහිව උමර් අක්මාල් ඉදිරිපත් කළ අභියාචනය සළකා බැලීමෙන් අනතුරුවය.නමුත් දඪුවම අඩු කිරීමේ නිවේදනයෙන් පසුව මාධ්‍ය ඇමතූ උමර් අක්මල් මේ දක්වා තරඟ පාවාදීමට සම්බන්ධ චෝදනා යටතේ කිසිවෙක්ට නොදුන් ආකාරයට තමන්ට දඬුවම් ලබා දීමට ක්‍රිකට් බලධාරීන් ක්‍රියාකිරීම ගැන සිය කණස්සල්ල පළ කළේය.

ටෙස්ට් තරඟ 16 දී පකිස්තානය නියෝජනය කර ඇති උමර් අක්මාල් එහිදී එක් ශතකයක් සහ අර්ධ ශතක 6 ක් සමඟින් ලකුණු 1003 ක් රැස් කර තිබේ.ජාත්‍යන්තර එක්දින තරඟ 121 දී ලකුණු 3194 ක් ද,පන්දු වාර 20/20 තරඟ 84 දී ලකුණු 1690 ක් ද රැස් කර ගනිමින් පකිස්තානය වෙනුවෙන් ඉහළ දායකත්වයක් ලබා දිය හැකි පිතිකරුවෙකි.

ඡායාරූපයේ දැක්වෙන්නේ උමාර් සිය තහනම අඩු කිරිමේ නිවේදනය දැන ගැනීමෙන් පසු පිටත්ව යන අයුරුයි.

Recommended For You

About the Author: Editor