
ඇවන්ගාර්ඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධව ඇවන්ගාර්ඩ් අධිපති නිශ්ශංක සේනාධිපතිට සහ රක්නා ලංකා ආයතනයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට එරෙහිව කොළඹ මහාධිකරණයේ විභාග කෙරුණ අල්ලස් නඩුවට එරෙහිව අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
කොළඹ මහාධිකරණය ඉදිරියේ මෙම නඩුව මුලින් විභාග කෙරුණ අවස්ථාවේ විත්තිකරුවන්ගේ නීතීඥයන් විසින් එයට එරෙහිව මූලික විරෝධයක් ගොනුකළා. ඔවුන් තර්ක කළේ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් දෙදෙනාගේම අත්සන් නොමැතිව එම නඩුව ගොනුකර ඇති බවයි. කෙසේ වෙතත් මහාධිකරණය එම විරෝධතාව ප්‍රතික්ෂේප කර නඩුව විභාග කිරීමට අවසර ලබා දුන්නා.
මෙම අල්ලස් නඩුව අනුව අදාල පාවෙන අවි ගබඩා ගනුදෙනුව සම්බන්ධයෙන් රුපියල් මිලියන 35.5 ක අල්ලසක් ලබාදීම සහ ලබාගැනීම පිළිබඳ චෝදනා ගොනුකර තිබෙනවා.