
ජපානයේ තෝකියෝ ප්‍රදේශයට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට සිවුවිය හැකි බවත් එහෙයින් අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂණ පියවර ගන්නා ලෙසත් එහි ආණ්ඩුකාර යුරිකෝ කොයිකෙ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඇගේ ප්‍රකාශයට හේතු වී ඇත්තේ තෝකියෝවෙන් වාර්තාගත කෝවිඩ්-19 ආසාදිතයින් පිරිසක් වාර්තා වීම නිසයි.
අද උදෑසන වාර්තා වූ පරිදි ගතවූ පැය 24 තුල එම ප්‍රදේශයෙන් ආසාදිතයන් 463 දෙනකු වාර්තා වී තිබෙනවා.
මේ අතර ජපන් ව්‍යාපාර ස්ථාන හා කාර්යාලවල සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරන ලෙස රජය ඉල්ලා සිටිනවා. එරට ආර්ථික අමාත්‍යවරයා පසුගිය ඉරිදා කියා සිටියේ රාජකාරි වෙලාවෙන් පසු පැවැත්වූ සාද ආදියෙන් ද කෝවිඩ්-19 පැතිරීම වේගවත් වී ඇති බවට සොයාගෙන ඇති බවයි.
ජපානයේ කෝවිඩ්-19 පැතිරීම බොහෝ රටවල් තරම් දරුණු නොවුවද අලුතින් වාර්තා වූ සිද්ධීන් සමග දෙවන රැල්ලක් පිළිබඳ බිය මතු වී තිබෙනවා.