හිටපු නියෝජ්‍ය ඇමතිට මරණ දණ්ඩනය

2015 ජනාධිපතිවරණය සමයේදී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවකුට වෙඩිතබා ඝාතනය කළ බවට චෝදනාවට ලක්ව සිටි හිටපු නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනකුට එරෙහිව මරණ දණ්ඩනය පැනවීමට රත්නපුර මහාධිකරණය අද තීන්දු කළා.

2015 ජනාධිපතිවරණය අතරතුර කහවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබුණි.

සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා මරණ දඬුවම නියමවූ සෙසු විත්තිකරුවන් වේ.

Recommended For You

About the Author: Editor