
තවත් කොවිඩ්-19 ආසාදිතයෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
එම ආසාදිතයා කොවිඩ්-19 ආසාදිතයෙක් බවට පසුගියදා (30) තහවුරු කරගත් ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයාගේ ඥාතියෙකු බව වාර්තා වේ.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2815 දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ්-19 ආසාදනය වී මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති ආසාදිතයින් ගණන 2391ක් වන අතර තවත් රෝගීන් 413ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.