
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ඒකමතිකව කොවිඩ් 19 නිසා ඇති වි තිබෙන තත්ත්වයට මුහුණ දීම වෙනුවෙන් සිය සාමාජික රටවල් වෙත ඇමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් වෙන් කිරීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකාවද මේ ආධාර මුදලට අයත් ය.
මෙම සැලැස්මේ පළමු අදියර දෙකේදී, සාමාජික සංගම් වෙත සියලු ඉදිරි මෙහෙයුම් – පිරිවැය ගෙවීම් වෙනුවෙන් මෙම ආධාර මුදල් වහාම මුදා හැරීමට FIFA බලාපොරොත්තු වන අතර ඉදිරි සංවර්ධන ප්‍රදාන COVID-19 මෙහෙයුම් සහන අරමුදල් බවට පරිවර්තනය කිරීමේ අවකාශ සැකසී තිබේ.නිදහස් කරන ලද අරමුදල්වලින් 50% ක් කාන්තා පාපන්දු සඳහා වෙන් කළ යුතුය යන කොන්දේසියද මීට ඈදි තිබීම විශේෂත්වයකි.
එසේම එම කවුන්සලයේදී ගත් තීරණවලට අනුව මුල්‍ය ආධාර ලබා දීමේදී තුන්වන අදියර ලෙස, ප්‍රදාන සහ ණය ක්‍රමයක් තව දුරටත් හඳුන්වා දි ඇත.
එහිදී ප්‍රදාන ලෙස සියලුම සාමාජික සංගම් සඳහා ඇමරිකානු ඩොලර් මිලියනයක විශ්වීය සහයෝගීතා ප්‍රදානයක් ලබා දෙන අතර, කාන්තා පාපන්දු සඳහා විශේෂයෙන් ඇමරිකානු ඩොලර් 500,000 ක ප්‍රදානයක් වෙන් කරනු ලැබේ. ඊට අමතරව, සෑම සම්මේලනයක් සඳහාම ඇමරිකානු ඩොලර් මිලියන 2 ක ප්‍රදානයක් ලැබෙනු ඇත.
එසේම ණය ලෙස සංගම් වෙත ආධාර ලබා දීමේදී සාමාජික සංගම්වලට ඔවුන්ගේ විගණනය කරන ලද වාර්ෂික ආදායමෙන් 35% ක් දක්වා පොලී රහිත ණය සඳහා ඉල්ලුම් කළ හැකිය. සහයෝගීතාවයේ පොලිය සඳහා අවම වශයෙන් ඇමරිකානු ඩොලර් 500,000 ක ණයක් ලබා ගත හැකි අතර උපරිම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 5 කි. මීට අමතරව, සෑම සම්මේලනයක් සඳහාම ඇමරිකානු ඩොලර් මිලියන 4 ක් දක්වා ණයක් ලබා ගත හැකිය.