
හිටපු ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා, හිටපු උප ජනාධිපති ජෝ බයිඩන්, මයික්රසොෆ්ට් හි බිල් ගේට්ස්, ටෙස්ලා හි ඊලොන් මස්ක් ආදී ප්රකට පුද්ගලයන් සහ ආයතන ගණනාවක නිල ට්විටර් ගිණුම් වෙත හැකර් ප්රහාරයක් එල්ල කිරීම පිළිබඳව ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්රාන්තයේ ටැම්පා හි 17 හැවිරිදි ගැටවරයකුට එරෙහිව චෝදනා ගොනු කර තිබෙන බව වාර්තා වනවා.
මෙම හැකර් ප්රහාරය එල්ල වූයේ ජූලි 15 වනදා යි.
කන්යේ වෙස්ට්, ජෙෆ් බේසොස්, මයිකල් බ්ලූම්බර්ග් මෙන්ම ඇපල් හා ඌබර් සමාගම්වල ද ට්විටර් ගිණුම් මෙසේ හැකර් ප්රහාරයට ලක් වුණා.
මෙය බිට්කොයින් වංචාවක් උදෙසා එම ගිණුම් භාවිතා කිරීමේ උත්සාහයක් වුණා. පැය බාගයක් තුළ ඩොලර් 1000 ක් වටිනා බිට්කොයින් එවා තම මුදල දෙගුණ කරගන්නා ලෙස දැක්වෙන ප්රකාශයක් එම ගිණුම්වල පළවී තිබුණා.
මෙම ට්වීට් පණිවිඩ වහා ඉවත් කෙරුණ අතර මෙම සිද්ධිය පිළිබඳ සොයාබලන බව ට්විටර් ආයතනය කියා සිටියා.