
ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනය ඉදිරි ජාත්‍යන්තර සූරතා ජයගහණ වෙනුවෙන් නව ජාතික පුහුණුකරුවන් දෙදෙනෙක් සහ සහය පුහුණුකරුවන් සිව් දෙනෙක් නම් කිරීමට තීරණය කර තිබේ.එම පුහුණුකරුවන් කාන්තා සහ පිරිමි කණ්ඩායම් පුහුණුව සඳහා වෙන වෙනම යෙදවෙනු ඇත.
ජාතික පිරිමි සංචිතය ලෙස ක්‍රීඩකයන් හය දෙනෙක් සහ කාන්තා සංචිතයට ක්‍රීඩිකාවන් හය දෙනෙක් ඇතුළත් කිරීමට අපේක්ෂා කරන අතර ඊට අමතරව කණිෂ්ඪ කාන්තා සහ පිරිමි සංචිත සඳහා ද ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් හය දෙනෙක් බැඟින් යෙදවීමට අපේක්ෂා කරන්නේය.
දකුණු ආසියාතික මේස පන්දු සූරතාවලිය කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා මඟ හැරි ගිය අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි සැප්තැම්බර් මස බංගලාදේශයේ ඩකා හී දී රැස්වෙන දකුණු ආසියාතික මේස පන්දු ප්‍රධානියන් තීරණයකට එළැඹෙනු ඇත.