
කොළඹ වරායේ පවතින ගැටළුව පිළිබඳ විමසීමට ඊයේ එහි ගිය විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්ට වරාය සේවකයෝ හූ කියමින් සිය විරෝධය දැක්වූහ.
මෙම දෙදෙනා එහි ගියේ වරායේ පර්යන්ත තුනේම කටයුතු නැවතීමට සේවකයන් ක්‍රියා කර තිබුණු පසුබිමේ යි. නැගෙනහිර පර්යන්තය පිළිබඳ වන ගැටළුව අරභයා ඇතිවූ ගැටළුව මත වරාය සේවකයන් ගෙනයන විරෝධතාව තවමත් ක්‍රියාත්මක ය. වරාය සේවකයන් කියා සිටින්නේ වරාය අධිකාරිය යටතේ නැගෙනහිර පර්යන්තයේ කටයුතු ඇරඹිය යුතු බවයි.