
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන අමරිකානු ඩොලර් එක්ලක්ෂ හතලිස් දහසක් සහ රුපියල් තුන්කෝටි දහතුන් ලක්ෂයක් සමග සැකකරුවෙකු දෙමටගොඩ ප්‍රදේශයේ නිවසකදී අද අලුයම් කාලයේ අත් අඩංගුවට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් ගණුදෙණුවල අතරමැදියෙකු ලෙස මෙම සැකකරු ක්‍රියා කර ඇති බව විශ්වාස කෙරේ. තවද, සොයාගත් මුදල් තොගය මුන්ඩියාල් ක්‍රමයට හුවමාරු කිරීමට නියමිතව තිබූ බව මූලික විමර්ශණවලදී හෙළිවී ඇත.
සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4ක් ද සොයාගෙන තිබේ. මොහු මුදල් පොළියට දෙන අයකු ලෙස පෙනී සිට ඇතැයි සඳහන් වේ. වැඩිදුර පරීක්ෂණ සඳහා මොහුව වරාය පොලිසියට භාර දී ඇත.