ඇමරිකාවේ TikTok තහනම් කරන බව ට්‍රම්ප් කියයි

ඇමරිකාව තුළ TikTok සමාගමේ කටයුතු තහනම් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ ජාතික ආරක්ෂාවට එයින් ඇති තර්ජනයයි.

ඔහු කියා සිටින්නේ සෙනසුරාදා වනවිට වුවද එය සිදුවිය හැකි බවයි. ඒ සඳහා තමාට බලය තිබෙන බව ද ඔහු පවසනවා.

මේ අතර ඇමරිකන් සමාගමක් TikTok මිලදී ගැනීම කෙරෙහි ද ට්‍රම්ප් අසතුට පළ කර තිබෙනවා. මයික්‍රසොෆ්ට් සමාගම TikTok මිලදී ගැනීමට සලකා බලන පුවතක් මීට පෙර වාර්තා වුණා.

චීන සමාගමක් වන TikTok මීට පෙර ඉන්දියාවේදී තහනමට ලක් වුණා.

Recommended For You

About the Author: Editor