තරඟාවලියේ ජය එංගලන්තයට

එංගලන්තය සහ අයර්ලන්තය අතර පැවත්වෙන තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවන තරඟයේද ජය කඩුලු 4 න් ලබා ගත් එංගලන්තය, තෙවන තරඟයට පෙරාතුව තරගාවලියේ ජයග්‍රහණය සහතික කර ගත්තේය.පළමු තරඟය කඩුලු හයකන් ජයගන්නට ඩේවිඩ් විලී දායක වූ අයුරෙන්ම දෙවන තරඟය ජය ගන්නට ජොනී බ්‍රෙෂ්ට්‍රෝ දායක වූයේ පන්දු 41 න් ලබා ගත් අති ප්‍රවේගකාරී ලකුණු 82 ක් සමඟින්ය.

කාසියේ වාසිය තමන් සතු කරගත් අයර්ලන්තය,පළමුව පන්දුවට පහර දෙමින් සිය පන්දු ඕවර 50 නිමාවේ ලකුණු 212 ක් ලබා ගත්තේ කඩුලු නවයක් අහිමි කර ගනිමින්ය.කර්ටීස් කැම්ප්හරි අයර්ලන්තය වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකරුවා විය.ඔහු ලකුණු 68 ක් රැස් කළේය.කැම්ප්හර් කඩුලු 5 ක් ලුණු 78 ට අහිමිව ගොස් තිබියදී පිටියට පිවිස අයර්ලන්ත ලකුණු පූවරුව 207 ක් ව තිබියදී අටවැන්නා ලෙස දැනී ගියේය.ඒ අතර ඔහු හත්වන කඩුල්ලට සිමී සිං (25) සමඟ ලකුණු 60 ක සබඳතාවයක් පැවත්වීය.

අයර්ලන්ත ඉනිමට තිරිංග යෙදීමට සමත් වූ එංගලන්ත පන්දු යවන්නන් අතරින් අදීල් රෂිඩ් පෙරමුණ ගත් අතර ඔහු ලකුණු 34 ක් ලබා දෙමින් කඩුලු 3 ක් දවා ගත්තේය.පළමු තරඟයේ අයර්ලන්ත පිතිකරුවන් දඩයමේ පෙරමුණ ගත් ඩේවිඩ් විලී ලකුණු 48 ක් ලබා දෙමින් කඩුලු 2ක් දවා ගනිද්දී සදික් මහමුද් කඩුලු 2 ක් ලබා ගත්තේ ලකුණු 45 ක් ලබා දෙමින්ය.

පළිතුරු ඉණිමට පිවිසි එංගලන්තයේ පළමු කඩුල් ලෙස ජේස්න් රෝයි දැවී ගියේ ලකුණු නොලබා තරඟයේ වෙන පන්දුවේදී ය.නමුත් රෝයිගේ දැවී යාම ජොනී බ්‍රෙෂ්ට්‍රෝගේ ප්‍රවේගකාරීත්වයට කිසිඳු බාධාවක් කර නොගත් ඔහු හතරේ පහර 14 ක් සහ හයේ පහර දෙකක් ද සමඟ ලබා දුන් ලකුණු 82 දායකත්වයට සෙසු පිතිකරුවන්ගේ දායකත්වය එතරම් හොඳින් නොලැබිණ.පස්වන සහ හයවන කඩුලු ලෙස නායක ඉයොන් මෝර්ගන් (0) සහ මොයින් අලි (0) දැවී යද්දී එංගලන්තයෙන් ජයග්‍රහණය ඈත් වෙමින් ලකුණු පූවරුව ලකුණු 137 ක් වි තිබිණ.කමුත් පළමු තරඟයේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ඩේවිඩ් විලී ප්‍රවේගකාරී පිතිකරණයක යෙදෙමින් නොදැවී ලකුණු 46 ක් ලබා ගත්තේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින්ය.කඩා වැටෙන එංගලන්ත ඉණිම රැක ගැනීම වෙනුවෙන් වගකීම් සහගත පිතිකරණයක නියැලි සඹ් බිලින්ග්ස් එංගලන්තය 33 වන පන්දු ඕවරයේ තුන්වන න්දුවේදී සිය ජය තහවුරු කර ගනිද්දී නොදැවී කඩුල්ලේ රැදී සිටියේ ලකුණු 46 ක් ලබා ගනිමින්ය.

එංගලනත ජයග්‍රහණය උඳුරා ගන්නට විශාල බලපෑමක් එල්ල කළ ජොස් ලිට්ල් කඩුලු 3 ක් දවා ගත්තද එංගලන්ත ප්‍රවේගකාරී පිතිකරුවෝ ඔහුගෙන් ලකුණු 60 ක් සොරා ගන්නට සමත් වූහ.කර්ටීස් කැම්ප්හර් පිතිතෙන් පෑ දස්කම හා සමානවම පන්දුවෙන්ද අයර්ලන්ත ඉණිමට සහයෝගය දෙමින් ලකුණු 59 කඩුලු 2 ක් දවා ගෙන තිබිණ.ලකුනු විස්තරයට පහතින් පිවිසිය හැකිය.

https://www.espncricinfo.com/series/19489/scorecard/1198248/england-vs-ireland-2nd-odi-ireland-in-england-2020

Recommended For You

About the Author: Editor