සචිනි ජය පැහැදිළි කර ගනියි

ප්‍රථමවරට ලංකාවේ පැවත්වෙන කාන්තා චෙස් ග්‍රෝන්ප්‍රී තරඟාවලියේ සූරිය බවට සචිනි රණසිංහ පත්වීමට ඇති ඉඩ ඇය නව වන වටය නිමාවේ දී ලබා ඇති ලකුණු තත්ත්වය මත පැහැදිළි කර ගත්තාය.ඒ අනුව ඇය නවවන තරඟ වටය නිමාවන විට ලකුණු 81/2 ලබා පෙරමුණේ ඇත.

ඇය මේ ජයග්‍රාහී තත්ත්වය සඳහා පිවිසෙමින් නව වන වටයේදී සයුමි විමන්සා පියුමන්ති පරාජය කළාය.අද තරඟාවලියේ අවසාන දිනය වන අතර දැනට ලකුණු සටහන දැක්වෙන්නේ පහත දැක්වෙන පරිදිය.

1සචිනි රණසිංහ 8 ½, 2.තරුෂි නික්ලේෂා 7, 3.නෙලුනිකා මෙත්මානි 6 ½,,4දිනෂ්කි ප්‍රේමනාත් 6,5.අශ්වින් පලවාචන්ද්‍රන් 6,6.සන්දීපානි තාරුෂි 4 ½,7.ජනාදනි අබේසිංහ 4 ½,8.ප්‍රසන්සා ප්‍රේමනාත් 4,9.සයුමි ගමගේ 3,10.ඔනේලි වීරවර්ධන 2 ½,11. සයුමි විමන්සා පියමන්ති 1 ½ චෙස් ක්‍රීඩාව කෙරෙහි උනන්දුවක් දක්වන අයට පහත සබඳතාවය මඟින් තරඟාවලිය නැරඹිමටද අවස්ථාව හිමි වේ.

Recommended For You

About the Author: Editor