
ලෝක කුසලාන 2011 තරඟාවලිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළ චෝදනාව විමර්ශනය අතහැර මසක් පමණ ගතවෙද්දී නීතිපති දෙපාර්තමේන්තුව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාව සිටියදී අයිසීසී වෙත යොමු කරන ලද බව කියන ලිපියේ පිටපතක් ක්‍රීඩා අමාත්‍යංශයෙන් ඉල්ලා ඇති බවට වාර්තා වේ.
අයිසීසී ය ද එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් අලුත්ගමගේ අමාත්‍යවරයා එවැනි ලිපියක් යොමු කර නැති බව කියද්දී නීතිපති දෙපාර්තමේන්තුව මෙවැනි ලිපියක් ඉල්ලා සිටිම ගැටළුකාරි පරිසරයක් නිර්මාණය කරයි.එමෙන්ම හිටපු අමාත්‍යවරයා තේරීම් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශවලදී, එහි ඇති සාවද්‍ය බවද මාධ්‍ය මඟින් සාක්ෂි සහිතව හෙළිදරව් කර තිබෙන අවස්ථාවක නීතිපති දෙපාර්තමේන්තුවේ මේ මැදිහත්වීම හරහා අමාත්‍යංශය සතුව එවැනි ලිපියක් නොමැතිනම් එය මහින්දානන්ද අලුත්ගමගේ කෙරෙහි වැරදි අන්දමේ බලපෑමක් ඇති කිරීමට ද ඉඩ ඇත.
මන්ද අමාත්‍යවරයාගේ ප්‍රකාශය අළලා අත්හරින ලද විමර්ශනය සිදු කළ “ක්‍රීඩා සම්බන්ධ අපරාධ වැළැක්වීමේ පනතේ” 13 වන වගන්තිය යටතේ බොරු චෝදනා ඉදිරිපත් කිරීම සඳහා දඬුවම් ලබා දීමට ඉඩක් තිබෙන බැවිනි.