
මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ මීගමුව පොලිස් කණ්ඩායමකට බාර වීමෙන්ම පසුව ඔහුව කුරුණෑගල දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ට සැප පහසුකම් සැපයීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා මත මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ වැඩ තහනමට ලක්ව සිටී.
එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.
වැඩ තහනමට ලක්ව සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ සහ ජේලර්වරු වන සරත් බණ්ඩාර, නිශාන්ත සේනාරත්න මෙන්ම දෙවන පෙළ ජේලර් කාලිංග කළුඅග්ගල යන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය 21 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නේය.