වරාය සේවක වැඩ වර්ජනය අවසන්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදී එය ශ්‍රී ලංකා වරාය අධිකාරියට පවරණ ලෙසට ඉල්ලමින් වරාය වෘත්තිය සමිති 23ක් එක්ව ආරම්භ කළ සත්‍යග්‍රහය අවසන් කර යළි සේවයට වාර්තා කිරීමට වර්ජනයේ නිරත වරාය වෘත්තීය සමිති අද (02) තීරණය කළා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවේදී ඇතිවූ එකඟතාවලට අනුවයි සත්‍යග්‍රහය හා වැඩවර්ජනය අවසන් කිරීමට වෘත්තීය සමිති පියවර ගත්තේ. මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෘත්තීය සමිති ප්‍රකාශකයෙක් සදහන් කළේ අද උදෑසන වීරකැටිය කාල්ටන් නිවසේ්දී අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාව සාර්ථක ලෙස අවසන් වූ බවයි.

Recommended For You

About the Author: Editor