
ඊජිප්තුවේ පෞරාණික උරුමය පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු සහ ඊජිප්තු උරුමයන් පිළිබඳ ලෝ ප්‍රකට විද්‍යාර්ථියෙකු වන ආචාර්ය සාහි හවාස් ඊලොන් මස්ක් වෙත දැඩි දෝෂාරෝපණයක් එල්ල කළා.
ඊට හේතු වූයේ මෑත දිනෙක ඊලොන් මස්ක් සිය ට්විටර් ගිණුම ඔස්සේ පිරමීඩ පිටසක්වල ජීවීන් විසින් කරන ලද්දක් බව පැවසීමයි.
හවාස් එම මතය බිඳ දමන කරුණු කිහිපයක්ම ගෙන දක්වමින් මස්ක්ගේ ප්‍රකාශය පිළිබඳ සිය ප්‍රබල වූ අප්‍රසාදය පළ කර සිටියා.
මේ අතර ඊජිප්තුවට පැමිණ එහි සොහොන් ගෙවල් හා ඒ සම්බන්ධ ලේඛණ පරීක්ෂා කර බලන ලෙස එරට ජාත්‍යන්තර සහයෝගීතා ඇමතිණී රානියා අල් මෂාට්, ඊලොන් මස්ක් වෙත ආරාධනාවක් ද කර තිබෙනවා.