
සිරියාවේ නැගෙනහිර දෙසින් පිහිටි ඩෙයර් එස් සෝර් ප්‍රාන්තයේදී සිරියානු ආරක්ෂක අංශවල කොටසක් වන ජාතික ආරක්ෂක බලකායේ භට පිරිසකට ISIS ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා.
ඊයේ සිදුවූ මෙම ප්‍රහාරයට එම හමුදා කණ්ඩායම ලක් වුණේ ඩෙයර් එස් සෝර් හි බටහිරදිගට වන්නට පිහිටි කාන්තාර ප්‍රදේශයකදී බව මැදපෙරදිගින් ලැබෙන මාධ්‍ය වාර්තා කියා සිටිනවා. මෙහිදී ජාතික ආරක්ෂක බලකායේ සිව් දෙනකු මියගිය බවයි සඳහන් වන්නේ.
ISIS ත්‍රස්තවාදීන් සිරියාවේ කාන්තාර හා ග්‍රාමීය පෙදෙස්වල තවමත් ක්‍රියාත්මක ව සිටිනවා මෙන්ම නිතරම විරුද්ධවාදීන් සමග සටන්වල පැටලෙනවා.