සම්පායෝ අත්අඩංගුවට ගත්තේ බුද්ධි මෙහෙයුමකින්

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතා ඊයේ (02) කුරුණෑගල දී අත්අඩංගුවට ගනු ලැබීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ, ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් බුද්ධි අංශ සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව බවය.

මීගමුව බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිරිසකට විශේෂ පහසුකම් සැපයීම සහ විවිධ වංචනික කටයුතු කිරීම සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර අධිකාරිවයාට සහ තවත් නිලධාරින් තිදෙනෙකුට චෝදනා එල්ල වී ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ ඊයේ පස්වරුවේ කුරූණෑගල දී අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන ආ, මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ අද (03) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝව ඊයේ කුරුණෑගල ශාන්ත ආනා විදුහල අසළ දී පස්වරු 3.35 ට පමණ අත්අඩංගුවට ගත්තේය.

අනතුරුව සැකකරුව මීගමුව පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් පසුව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන අවේය.

Recommended For You

About the Author: Editor