කබඩි සංගමය මැතිවරණ කොමිසමේ නීති සීමාවේ හිර වෙයි

මැතිවරණ කොමිසම මහා මැතිවරණය පදනම් කරගෙන කබඩි සම්මේලනයට සිය මහා සභාව පැවත්වීම සම්බන්ධයෙන් අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති හා විමර්ශන) බී.පී.සී කුලරත්න මහතාගේ අත්සනින් යුතුව 2020.07.19 දාතමින් ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ ලේකම්වරයා වෙත යොමු කර තිබූ ලිපිය නොසළකා හරිමින් ක්‍රියා කර ඇතැයි වාර්තා වේ.

කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක දයාසිරි ජයසේකර මහතාගේ හෙට්ටිපොළ පිහිටි කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා කබඩි සම්මේලනය කටයුතු කරන බවට මැතිවරණ කොමිසමට ලැබී තිබූ පෙත්සමක් අනුව මැතිවරණ කොමසාරිස්වරයා ඉහත ලිපිය යොමු කරන්නට කටයුතු කර තිබේ.එහිදී ටොරින්ටන් හී පිහිටි කබඩි සංගම් මූලස්ථානය යොදාගන්නා මෙන් මැතිවරණ කොමිසම විසින් කබඩි සංගමය වෙත දන්වා ඇති අතර එසේ තිබියදී හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ කාර්යාලයේ නොපවත්වා එම කාර්යාලය පිහිටි හෙට්ටිපොළම එම මහා සභාව කැදවීම,මැතිවරණ කොමිසම විසින් ලබා දුන් නිර්නායකයන් බැහැර කර කටයුතු කිරීමක්ය.

කබඩි පරිපාලනය සම්බන්ධයෙන් තීරණාත්මක මොහොතක මෙම රැස්වීම කබඩි ක්‍රීඩාවට සම්බන්ධ විවිධ පාර්ශව වාර්ෂික මහ සභාවක් කැඳවීමේ සම්ප්‍රදායට සහමුලින්ම පරිභාහිරව මෙය කැද වූ බවට එල්ලවන චෝදනාවට වඩා බරපතල කාරණයක් වනු ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝණය ය.කබඩි ක්‍රීඩාවේ යම් රමනීය ගමණකට අවශ්‍යය නමනීයභාවය පෙන්නුම් කරමින් සිටියදී ක්‍රීඩාව ඉක්මවා ගිය දේශපාලන ගොහොරුවේ එරෙන්නට යාම ලංකාවේ ක්‍රීඩාව වැටි ඇති ආගාධය පැහැදිළි කිරීමක්ය.

Recommended For You

About the Author: Editor