IPL කණ්ඩායමක සංයුතිය විසි හතරකට සීමා කෙරේ

සැප්තැම්බර් 19 සිට නොවැම්බර් 20 දක්වා ඒක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේදී ක්‍රියාත්මක කිරීමට සූදානම් 2020 අයිපීඑල් තරඟාවලියේදී එක කණ්ඩායමක ක්‍රීඩා සංචිතය 24 දෙනෙකුට සීමා කිරීමට තීරණය කර ඇත.ඒ කොවිඩ් 19 ලෝක වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත සෞඛය ආරක්ෂණ ක්‍රමවේදවලට අනුවයි. සන්රයිසර්ස් හයිද්‍රාබාද්, රාජස්ථාන් රෝයල්ස් සහ කිංග්ස් Xඓ පන්ජාබ් යන කණ්ඩායම් දැනටමත් තම නිල පිටු වල සිය කණ්ඩායම් සංචිතය 25 ක් ලෙස දන්වා ඇති නිසා ඉදිරියේදී ඒ පිළිබදව ඉදිරියේදී සාකච්ඡා කිරීමට කටයුතු කරන බවද අයිපීඑල් සංවිධායකයන් බලාපොරොත්තුවෙන් සිටියි.

දින 53 ක් දිවෙන මෙම තරඟාවලිය අයිපීඑල් තරඟ ඉතිහාමයේ දීර්ඝතම කාලයක් ක්‍රියාත්මකවන තරඟාවලිය වනු ඇත.අබුඩාබි,ඩුබායි සහ සාජා ක්‍රීඩාංගණ කේන්ද්‍ර කර ගනිමින් තරඟාවලිය ක්‍රියාත්මක වේ.එහිදී දිවා රාත්‍රී තරඟයක් ආරම්භ වෙන්නේ එක්සත් අරාබි රාජ්‍යයේ වේලාවෙන් පස්වරු 6.00 ට ය.අන්තර් ජාතික සම්මත වේලාවෙන් තරඟ ඇරඹෙන්නේ පස්වරු 7.30 ට ය.දිවා තරඟයක ආරම්භය එක්සත් අමීර් රාජ්‍යයේ වේලාවෙන් පස්වරු 2.00 ට ඇරඹෙන අතර එය අන්තර් ජාතික සම්මත වේලාවට අනුව සළකද්දී පස්වරු 3.00 ය.

අයිපීඑල් තරඟවලියට සමගාමීව 20/20 කාන්තා ක්‍රිකට් තරඟාවලියක්ද සංවිධානය කරන බව ඉන්දීය ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශ කරයි.ඉන්දියාවේ මේ වන විට මිලියන 1.75 ක් දක්වා රෝගී ප්‍රමානය වැඩි වී ඇති අතර එය තව දුරටත් වර්ධනය වන මට්ටමක් දැකිය හැකිය.මේ තත්ත්වය මත අයිපීඑල් තරඟ සංවිධානයේ ප්‍රධානි බ්‍රිජේස් පටෙල් ජූලි 21 වන දින මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවත්වන බව ප්‍රකාශ කළ අතර මීට පෙර ද,2014 දී ඉන්දීය මැතිවරණය නිසා එවර අයිපීඑල් තරඟාවලියේ කොටසක් ක්‍රියාත්මක වූයේ ද එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ය.

Recommended For You

About the Author: Editor