
ශ්‍රී ලංකාවේ පළමු “වුමන් ඉන්ටර්නැෂනල් මාස්ටර්” තත්ත්වයට පත් සචිනි රණසිංහ යළිත් වරක් ශ්‍රී ලංකා චෙස් ඉතිහාසයෙන් සිය නම ඉවත් කළ නොහැකි ජයක් වාර්තා කරමින්, පළමු ශ්‍රී ලංකා කාන්තා ග්‍රෝන් ප්‍රී තරඟාවලියේ සූරිය බවට පත් වූවාය.ක්‍රීඩිකාවකට වට එකොහළකට සහභාගි වන්නට නියමිතව තිබූ මේ තරඟාවලියේදී සචිනි මුහුණ දෙන්නට සමත් වූ තරඟ 10 ක් ම ජය ගත්තාය.
2009 ,2011,2012 සහ 3013 වසරවල හ්‍රී ලංකා චෙස් සූරිය ලෙස අභිෂේක ලත් සචිනි,මෙම තරඟාවලියේදී අනපේක්ෂිත පරාජයකට හසු කළ තරුෂි සංදිපනි පෙරලිකාර ජයක් ලැබුවාය.15 හැවිරිදි දේවි බාලිකා විද්‍යාලීය සිසුවියක වන තරුෂි තරඟාවලියේ 11 වන වටයේ දී සචිනි අභිබවමින් මෙම ජයග්‍රහණයේ උරුමක්කාරිය වූවාය.නමුත් සමස්ත තරඟාවලියේ තරුෂිට හිමි වූයේ හයවන තැනයි.සචිනිට තරඟාවලියේ සූරතා කුසලානය සමඟ සචිනි රණසිංහට හිමි වූ මුදල් ත්‍යාගය රුපියල් 30000 ක් විය.
අනු සූරිය වූ දිනුෂ්කි ප්‍රේමනාත් 2010 වසර සහ 2018 වසරවල ජාතික සූරිය වූ අත්දැකීම් බහුල ක්‍රීඩිකාවකි.අවසාන තරඟ වට වන විට ස්වීය රිදිමයට පැමිණෙමින් ක්‍රීඩාවේ නියැලි දිනුෂ්කි මෙන්ම නික්ලේෂා තරුෂි,සහ නෙලුනිකා මෙත්මානි ද ලකුණු 8 සිමාවේ උන්නාය.නමුත් තරඟ රටා ජයග්‍රහණ පෙළගැස්ම ආදිය සළකා බලද්දී ඉතිරි සම ලකුණු ලාභිණියන් දෙදෙනා අතරින් තොවැන්නිය වූයේ තරුෂි නික්ලේෂා ය.ලෝකඩ පදක්කම ගෙල පළදා ගැනීමේ භාග්‍යය ලත් ඇය ශ්‍රී ලංකා කාන්තා චෙස් කණ්ඩායමේ සාමාජිකාවක්ය.වුමෙන් ඉන්ටර්නැෂන් මාස්ටර් තත්ත්වයේ සිටින පළපුරුදු නෙලුනිකා මෙත්මානි ට සිදු වූයේ සිව්වන තැනින් සෑහෙන්නටය.නමුත් සම ලකුණු සහිත විමෙන් තරඟයේ මුදල් ත්‍යාග බෙදී යාමේ වෙනසක් ඇති වූ අතර දිනුෂ්කි,තරුෂි සහ මෙත්මානි යන තිදෙනාටම රුපියල් 12000 බැඟින් වූ සම මුදල් ත්‍යාග හිමි විය.පස්වන තැන දිනූ අස්විනි පවල්චන්ද්‍රන් රුපියල් 4000 ක මුදල් ත්‍යාගයක් ලැබුවාය.
ක්‍රීඩිකාවන් තරඟ වට 11 අවසානයේ ලබා සිටි ලකුණු සහ ස්ථාන පහතින් දැක්වේ.

1.සචිනි රණසිංහ 9 ½ , 2.බ්ලිව්එෆ්එම්, දිනුෂ්කි ප්‍රේමනත් 8 3.තරුෂි නික්ලේෂා 8 4. නෙලුනිකා මෙත්මානි 8 5. අශ්වින් පවලචන්ද්‍රන් 7 6. සන්දීපානි තාරුෂි 6 ½ 7. ප්‍රසන්සා ප්‍රේමනාත් 5 ½ 8. ජනදනි අබේසිංහ 5 ½ 9. ඔනෙලි වීරවර්ධන 3 ½ 10. සයුමි ගමගේ 3 11. සයුමි විමන්සා පියමන්ති 1 ½
පළමු ඡායාරූපයේ දැක්වෙන්නේ චෙස් සම්මේලන සභාපතිවරයා සහ ලේකම්වරයා සමඟ පිළිවෙලින් දකුණේ සිට ලෝකඩ පදක්කම්ලාභි තරුසි නික්ලේෂා,ජයග්‍රාහී සචිනි රණසිංහ සහ අනු සූරිය වූ දිනුක්ෂි පේමනාත්ය.දෙවන ඡායාරූපයේ දැක්වෙන්නේ පෙරළිකාර ජයක් ලැබූ තරුෂි සංදීපනී සිය සහතික පත්‍රය ලබා ගත් ආකාරය ය.