
චීනයේ TikTok යෙදවුම අයත් මව් සමාගම වන ByteDance සමාගම මිලදී ගැනීමේ සාකච්ඡා දිගටම සිදුවන බව මයික්‍රසොෆ්ට් සමාගම පැවසුවා.
එම සමාගම කියා සිටියේ තම ප්‍රධානියා සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර වූ සාකච්ඡාවකින් පසු මෙම එකඟතාව ඇතිවූ බවයි.
මයික්‍රසොෆ්ට් සමාගම විසින් ByteDance සමාගම මිලදී ගන්නට යන බව මින් පෙරදී වාර්තා වූ අතර එම අවස්ථාවේ ට්‍රම්ප් කියා සිටියේ තමන් TikTok හි කටයුතු ඇමරිකාව තුළ තහනම් කරන බවයි.
සිය ජාතික ආරක්ෂාවට TikTok සමාගම තර්ජනයක් බව ප්‍රකාශ කරමින් ඉන්දියාව මීට පෙර එහි කටයුතු තහනම් කළා. TikTok හරහා පුද්ගල දත්ත චීනයට ලැබෙන බවයි ඉන්දියාව කියා සිටියේ.