යුක්‍රේනයේ කියෙව්හි බැංකුවක් පුපුරවා හරින්නට ගිය අයෙක් අත් අඩංගුවට

යුක්‍රේනයේ කියෙව් අගනුවර ව්‍යාපාරික ප්‍රදේශයක බැංකුවකට කඩා වැදුණ අයෙක් එය පුපුරවා හැරීමට තර්ජනය කළා.

වයස තිස් ගණන්වල පමණ අයකු වූ මොහු බෑගයක් පිටෙහි එල්ලාගෙන බැංකුවට ඇතුල් වුණා. ඉන්පසු ඔහු එය පුපුරවා හැරීමට තර්ජනය කර තිබෙනවා.

බැංකුවේ කාර්යය මණ්ඩලයෙන් එක් අයකු හැර අනෙක් පිරිස එයින් පිටව ගොස් ඇති බව වාර්තා වුණා. බැංකු කලමණාකාරිණී නතාල්යා චුචුපක් ව එයට කඩා වැදුණ තැනැත්තා ප්‍රාණ ඇපයට තබා ගත්තා. පොලිසිය එහි ළඟා වී, බැංකුව පුපුරවා හැරීමට තර්ජනය කළ තැනැත්තා සමග සාකච්ඡා ආරම්භ කළා. එම තැනැත්තා යුක්‍රේන රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමතීමට අවශ්‍ය බව පවසා තිබුණා.

කෙසේ නමුත් පසුව පොලිසිය විසින් මොහුව අත් අඩංගුවට ගැනුණා.

Recommended For You

About the Author: Editor