චීන සමාගම් ඩැහැ ගැනීමේ ඇමරිකන් උපාය හෙලාදකින බව China Daily පුවත්පත කියයි

චීන සමාගම් බිම වට්ටා ඒවා ඩැහැ ගැනීමේ උපක්‍රමය හෙළා දකින බවත් එයට පිළිතුරු දීමට චීනයට ඇති විකල්ප වන්නේ යටත් වීම හෝ අවසානය තෙක් සටන් කිරීම බවත් චීන රජයට සම්බන්ධ පුවත්පතක් වන China Daily පවසනවා. ඔවුන් පවසන්නේ ඇමරිකන් උපක්‍රමයට එරෙහිව චීනයට ගතහැකි විවිධ පියවර වන බවයි.

මේ අතර රජයට අනුබද්ධිත People’s Daily පුවත්පත් ආයතනය විසින් පළ කෙරෙන Global Times පුවත්පත පවසන පරිදි ඇමරිකාවට තාක්ෂණික ලෝකයේ ඇති බලය සහ එරටට සිටින මිතුරන් හේතුවෙන් එරට විසින් එල්ල කෙරෙන තර්ජනයට මුහුණ දීම විශාල අභියෝගයක් වනවා.
කෙසේ වෙතත් චීන සමාගම් වැඩිවැඩියෙන් ලෝකයට විවෘත වීම සහ ඊට සමගාමීව ඇමරිකන් උපක්‍රම පරාජය කිරීම එරටට ඇති විකල්පය බව Global Times පුවත්පත පවසනවා.

TikTok යෙදවුමෙහි මව් සමාගම වන ByteDance සමාගමේ මෙහෙයුම්වලින් කොටසක් මයික්‍රසොෆ්ට් සමාගම විසින් මිලදී ගැනීමා සූදානම් වන පසුබිමෙහි චීන පුවත්පත් මෙම අදහස් පළ කළා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට තුළ TikTok හි ක්‍රියාකාරකම් තහනම් කිරීමට සූදානම් වූ අතර මයික්‍රසොෆ්ට් ප්‍රධානියා ඔහු හා කළ සාකච්ඡාවකින් පසු එම තීරණය අත් හිටවන ලදැයි වාර්තා වුණා.

Recommended For You

About the Author: Editor