
මෙවර මහ මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුදලට ගැනීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු බේරුවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු විසින් ඊයේ (03) රාත්‍රී ප්‍රදේශයේ දේවස්ථානයක් අසළ දී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා රුපියල් 5,000ක මුදලට මිලට ගැනීමට උත්සාහ දරන බවට ප්‍රදේශවාසීන් විසින් පොලීසියට දැනුම් දී තිබුණි.
කෙසේවෙතත් සෙසු සැකකරුවන් දෙදෙනා පළා ගොස් ඇති අතර පළා ගිය පුද්ගලයින්ගෙන් එක් අයෙකු අමාත්‍යාංශයක හිටපු ලේකම්වරයෙකු බව සදහන්ය.
මෙහිදි සැකකරුවන් පැමිණි මෝටර් රථය ද පොලීසිය භාරයට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.