කබඩි මහල්ලෙකුට වෙන වයන්නට ව්‍යවස්ථාව වෙනස් වේ

කබඩි ව්‍යවස්ථාවට අනුව අවුරුදු 85 දක්වා විධායක සභාවට සහභාගි වන්නට හැකිවන පරදි එහි ව්‍යවස්තාව සංශෝධනය කරන්නට රැස් වූ මහා සභාව තීරණය කර ඇති බව වාර්තාවේ. ශ්‍රී ලංකාවට කබඩි පැමිණ අවධියේ සිට තමන් මිය යන තුරුම එහි සිටිය යුතු බව සිතන පුද්ගලයෙක් නිසා මේ තීරණයට එළැඹෙන්නට කබඩි පරිපාලනය තීරණය කර තිබෙන බවයි වාර්තාවන්නේ.

ගෞරවණීය යාවජීව සාමාජිකයෙක් ගරු කටයුතු තත්ත්වයට පත්වීමට වඩා මේ පුද්ගලයා විධායක සභාවේ සිටිය යුතු බවට කරන බලපෑම මත මෙය සිදු වී තිබෙන බව වාර්තා වෙන අතර දැනටත් දැඩි ශ්‍රවණාබාධිත තත්ත්වයෙන් උපකරණයක් මඟින් සංනිවේදන කටයුතු කරන මේ පුද්ගලයාගේ ශ්‍රවන උපකරණයේ බැට්රි යහපත් තත්ත්වයේ නැතිනම් විධායක සභාවේ කටයුතු ඔහුට නෑසෙන තත්ත්වය තුළ එය දොම්පෙට යන පාර අසන මට්ටමේ විකට නාට්‍යයක් වන බව එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.ඇතැම් විට විධායක සභාව ඔහුගේ ශ්‍රවන උපකරණයට බැට්රි දමා යහපත් තත්ත්වයට පත් කරන තුරු නවතා සිටින්නට සිදුවන අවස්ථා ද වාර්තා වී තිබෙනවා.

මේ පුද්ගලයා වෙනුවෙන් පීදේනි පිදීමේ යෝජනාවට පසුව කබඩි සම්මේලනයේ නි ලාංඡනය වෙනස් කිරීමසඳහා ද අවසර ලැබී තිබෙනවා.ඒ වගේම කබඩි නියෝජිතයන් තිදෙනෙකුට එරෙහිව සමාජ මාධය භාවිතය සම්බන්ධයෙන් වන කරුණු සළකා තාවකාලික තහනමක් පැනවීමට ගත් අඳූරදර්ශි තීරණයද ඒ අතර වෙනවා.

බොහෝ ක්‍රීඩා මුල් පුටුවලට පත්වන පුද්ගලයන් කෙතරම් දක්ෂයන් වුව ද සම්ප්‍රදායිකව තමන්ගේ පාර්ශවයක් රැක ගැනීමට උත්සාහ කිරීමේ බලය මෙන්ම තමන්ට සහයෝගය ලබා දුන් පුද්ගලයන් වෙනුවෙන් කෘතවේදීවීමේදී ක්‍රීඩාව දෙවැනි කොට අවධානය යොමු කරන්න යාම ද ලංකාවේ ක්‍රීඩා පරිපාලනයට තිබෙන රෝගයක් බව ඉතිහාසය විසින් ඔප්පු කර තිබියදී වර්ථමාන කබඩි පරිපාලනයද එම රෝගයේ ගොදුරක් වේ ද යන්න සැකය මේ දිනවල මතුවෙමින් තිබෙනවා.දැනටමත් මැතිවරණ කොමිෂන් සභාව වාර්ශික මහා සභාව මැකිවරණ කොමිෂමේ උපදේශයන්ට පිටින් යමින් හෙට්ටිපොළ ප්‍රදේශයේ පැවත්වීම සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කිරීමය නියමිත බව දැන ගන්නට තිබෙනවා.එසේ වුවහොත් ඉතිහාසයේ යම් පොහොසත් ලක්ෂණ පෙන් වූ පරිපාලන නැතිවීමට තමන්ට අහිතවත් පාර්ශවවලට වඩා තමන් කරන ඕනම දෙයක් වෙනුවෙන් අත් ඔසවන්නට සූදානම් කඩුව ගත් රජුගේ වඳුරාගේ ස්වරූපයේ හිතවත්කම් හේතුවන බව කබඩි පරිපාලනය සම්බන්ධයෙන් ද සත්‍යයම වෙනු ඇති බවට ඉඟි පහළ වී තිබෙනවා.

Recommended For You

About the Author: Editor