තනතුරු හිස්වීමෙන් ඉන්දීය ක්‍රිඩකයන්ගේ සාක්කු නොපිරේ?

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඉන්දීය ක්‍රිකට් පාළක මණ්ඩලය මාස 10 ක පමණ කාලයකින් කොන්ත්‍රාත් මුදල් නොගෙවීමට,ඉන්දීය ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ ප්‍රධාන මූල්‍ය නිලධාරී,ප්‍රධාන  විධායක සහ සාමාන්‍යාධිකාරී තනතුරු හිස්ව පැවතීම හේතු වන්නට ඇති බව ඉන්දීය ජනමාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා.

මේ ආකාරයට ජාතික මට්ටමේ කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයන් 27 දෙනෙකුට මුදල් ගෙවා නොමැති බවත්,ඒ අතර නායක විරාට් කෝල්,රෝහිත් ෂර්මා සහ ජස්ප්‍රිත් බුම්රා වැනි ක්‍රීඩකයන්ට වාර්සිකව හිමි විය යුතු කෝටි හතක ගෙවීම් ද සිදු වි නැත.එසේම ඉන්දීය ප්‍රධාන පෙළේ ක්‍රිකට් තරඟ සඳහා ගෙවන ගෙවීම් ද මේ ආකාරයට ප්‍රමාද වී තිබෙන බව වාර්තා වෙනවා. මේ තත්ත්වයට එම තනතුරු පත් කිරීමට නොහැකි වන සේ ඉන්දිය ක්‍රිකට් පාළක මණ්ඩල සභාපති සභාපති සෞරව් ගංගුලි සහ ලේකම් ජේ ෂා සිය ධුර කාලය අවසන් කර තිබීම හේතු වී තිබෙන බව ඉන්දීය වාර්තා පෙන්වා දෙනවා.ඒ නිසා ඔවුන් තනතුරුවල තබා ගැනීම සඳහා මණ්ඩලයේ ව්‍යවස්ථාවේ ඊට බාධා වන වගන්ති සංශෝධනය සඳහා එය ශ්‍රේෂ්ඨාදිකරණය වෙත යොමු කිරීමට කටයුතු කරමින් තිබෙන බව ද එම වාර්තා පෙන්වා දෙනවා

Recommended For You

About the Author: Editor