LPL ගෙවීම් වර්ග හතරකට බෙදයි

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක ගෙවීම් ඇමෙරිකානු ඩොලර් 10000 සිට ඇමෙරිකානු ඩොලර් 60000 දක්වා දිවෙන පරිදි කොටස් හතරකට වර්ග කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු අනාවරණය කරයි.

එය මේ මොහොතේ ඇමෙරිකානු ඩොලරාය් වටිනාකම පවතින තත්ත්වය සාපේක්ෂව බලන්නේනම් අවම ගෙවීම  ශ්‍රී ලංකා රුපියල් රුපියල් දහනම ලක්ෂයකට ආසන්න වනු ඇත.එසේම උපරිම ගෙවීම රුපියල් එක්කෝටි දොළොස් ලක්ෂය ඉක්මවනු ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු අනාවරනය කරන්නේ කණ්ඩායම් හිමිකරුවන් සමඟ සාකච්ඡා කරමින් මේ ගෙවීම් සංවා=ිදානය කිරීම වෙනම ආයතනයකට පවරා ඇති බවය.

කොළඹ,නුවර,ගාල්ල,දඹුල්ල සහ යාපනය ලෙස තරඟාවලියට කණ්ඩායම් තරඟ පහක් පමණ සහභාගිවන තහවුරු අඅති අතර එම කණ්ඩාවමකට විදේස් ක්‍රීඩකයන් හය දෙනෙක් පමණ ඇතුළත් කිරීමට ඉඩ ලබා දෙන බව එම ආරංචි මාර්ග තහවුරු කරන නමුත් ඒ සඳහා තවමත් සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා සිදු වෙමින් පවතියි.සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරය ලැබුණු පසු තරඟාවලියට විදේශ ක්‍රීඩකයන් 30 ක් පමණ සහභාගි කර ගැනීමේ අපේක්ෂාව ඇතුව ශ්‍රී ලංකා ක්‍රිකට් මේ වන විට විදේශීය ක්‍රීඩකයන් 125  දෙනෙක් සමඟ පමණ සාකච්ඡා කරමින් සිටින බව දැන ගන්නට ඇත.

නමුත් මෙම තරඟාවලියේ යෝජිත කාල සටහන හා අයිපීඑල් කාල සටහන සළකා බලද්දී බොහෝ විදෙස් ක්‍රීඩකයන්ට මෙම තරඟාවලියට සහභාගි වුවහොත් අයිපීඑල් තරඟාවලියේ මුල් තරඟ එම තරඟාවලියේ නිරෝධායන නීති සමඟ මඟ හැරී යාමට ඉඩ ඇත.එසේ නොවන්න එල්පීඑල් තරඟාවලිය අවසාන වීමට පෙර එම ක්‍රීඩකයන්ට තරඟාවලියෙන් ඉවත්වීමට අවසරය ලැබෙන පරිදි කොක්දේසිවල ලිහිල් වීමක් සිදු විය යුතුව තිබේ.

Recommended For You

About the Author: Editor