
ඉරානයේ ටෙහෙරාන් අගනුවර කාර්මික ප්‍රදේශයක විශාල ගින්නක් හටගෙන තිබෙනවා.
ජජ්රුද් දිස්ත්‍රික්කයේ පර්දිස් කෝරළයේ මෙම ගිනිගැනීම සිදුව තිබෙනවා. සම් සහ දැව ගබඩා කළ ස්ථානයක ගින්න හටගෙන ඇතැයි ද, එය ගොඩනැගිලි තුනකට පැතිර ගොස් ඇතැයි ද වාර්තා වනවා.
කෙසේ වෙතත් මෙහිදී කිසිදු ජීවිත හානියක් නොවූ බව වාර්තා වුණා. තවද, ගින්නට හේතුව ද මෙතෙක් පැහැදිලිව නැහැ.
පසුගිය සති පහක කාලය තුළ ඉරානයේ බරපතල ගිනිගැනීම් සහ පිපිරීම් කිහිපයක් වාර්තා වුණා. මේ පිටිපස කඩාකප්පල්කාරී වැඩපිළිවෙලක් ඇතැයි ද සැක මතුව තිබෙනවා.