
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල 06 වනදා(බ්‍රහස්පතින්දා) මධ්‍යම රාත්‍රියට පෙර ලබාදීමට හැකිවනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මනාප ප්‍රතිඵල ද 07 වනදා මධ්‍යම රාත්‍රියට පෙර ලබාදීමට හැකිවනු ඇති බවට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය.
මෙවර මහ මැතිවරණයට අදාළව ගම්පහ දිස්ත්‍රික්කයේ සූදානම පිළිබඳ සොයාබැලීමට නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද දේශප්‍රිය මහතා එසේ පැවසීය.
“අගෝස්තු 10 වන දා වනවිට සියලු ම ගැසට් නිවේදන දෙන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රතිඵල දෙන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවා 06 වනදා මධ්‍යම රාත්‍රියට පෙර, මනාප ප්‍රතිඵල 07 වනදා මධ්‍යම රාත්‍රියට පෙර. ඒ ප්‍රතිඵල ගැසට් කරන්න පුළුවන් අපිට 08 වනදා වෙද්දි. ඒ වගේම ජාතික ලැයිස්තුව 09 වනදා ආවෝත් 10 වනදා ගැසට් කරලා ඒක ඉවර කරනවා.“ යැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.