
ලෙබනනයේ බීරූට් හි අද සිදුවූ දැවැන්ත පිපිරීම්වලට තමන් සම්බන්ධ නැතැයි ඊශ්‍රායල ආරක්ෂක අංශ කියා සිටිනවා. මේ අතර හිස්බුල්ලා සංවිධානය පවසන්නේ එය රොකට් ප්‍රහාරයක් හේතුවෙන් සිදු වූවක් නොවන බවයි.
මෙම පිපිරීම සිදුවූයේ කොතැනකද යන්න පිළිබඳ ද විවිධ අදහස් පළ වුණා. සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එය ගිණිකෙළි භාණ්ඩ ගබඩාකළ නැවක වූ පිපිරුමක් බවයි. එහෙත් ඇතැම් මාධ්‍ය වාර්තා කියා සිටින්නේ මෙම පිපිරීම් ගොඩබිම වූ පුපුරන ද්‍රව්‍ය ගබඩාවක සිදුවූ බවයි.
බීරූට් පිපිරීම මුහුද දෙසින් දිස් වූ අයුරු (වීඩියෝ)
මීට ස්වල්ප වේලාවකට පෙර ලෙබනනයේ බීරූට් අගනුවර දැවැන්ත පිපිරීමක් පිළිබඳ වාර්තා වුණා. මෙයින් බරපතල හානි සිදුව ඇතැයි පෙනී යනවා.
තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා වන වියදම රජය දරන්නට සූදානම් බව එරට සෞඛ්‍ය ඇමතිවරයා රෝහල්වලට දැනුම් දී ඇතැයි සඳහන්. බීරූට් නුවර මේ වෙද්දී සුදු පැහැ දුමාරයකින් වැසීගොස් තිබෙනවා.
