ලෙබනන පිපිරීමේන් ක්‍රිස්තියානි දේශපාලන පක්ෂ නායකයකු මරුට

ලෙබනනයේ ඊයේ සිදුවූ දැවැන්ත පිපිරීම හේතුවෙන් එරට කටයෙබ් පක්ෂයේ මහ ලේකම් නසාර් නජාරියාන් මියගොස් තිබෙනවා.

ෆලන්ගේ නමින් ද ප්‍රකට මෙම පක්ෂය එරට පැරණිම දේශපාලන පක්ෂයක් වන අතර ලෙබනන සිවිල් යුධ සමයේ එර්ව්ට ක්‍රිස්තියානි පාර්ශවයේ ප්‍රබල කොටසක් වුණා. වර්තමානයේ එය පාර්ලිමේන්තුව නියෝජනය කරන කුඩා පක්ෂයක්.

ලෙබනනයේ සිදුවූ පිපිරීමෙන් 50 කට වැඩි පිරිසක් මියගොස් 3,000 ක් පමණ තුවාල ලබා ඇතැයි මූලික පරීක්ෂණ අනුව පෙනීගොස් තිබෙනවා. මෙයට හේතුව තවම නිර්ණය කර නැහැ. පිපිරීම සිදුවූ ස්ථානය වැඩිපුර ක්‍රිස්තියානි ජනයා වාසය කරන ප්‍රදේශයක් වන බවයි බීරූට් නගරයේ ආරංචිමාර්ග කියා සිටින්නේ.

සමගාමී පුවත්: Exclusive: ලෙබනනයේ බීරූට් අගනුවර දැවැන්ත පිපිරීම් දෙකක් (වීඩියෝ දර්ශන)

ලෙබනන පිපිරීම් රොකට් ප්‍රහාර නොවන බව ඊශ්‍රායලය හා හිස්බුල්ලා සංවිධාන කියති (වීඩියෝ)

Recommended For You

About the Author: Editor