ජයන්තත් මතිවානන් ගිය පාරට ද?

ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධූරයෙන් කේ.මතිවානන් ඉවත්වීමෙන් පසු එම තනතුරට නම් කළ ජයන්ත ධර්මදාසත් වැඩ භාර ගැනීමට පැමිණ දිනයේ සිටම පල නොකියා පල බෙදීමේ ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.ඊයේ දිනයේ වැඩ භාර ගැනීමට පැමිණි ජයන්ත ධර්මදාස හමුවට ක්‍රිකට් ආයතනයේ සේවකයන්ට පැමිණීමටවත් ඉඩ තබා නොතිබි බව එම වාර්තා පෙන්වා දෙයි.

ජයන්ත ධර්මදාස මහතාගේ නියෝජිතයෙක් ඒ සඳහා සේවකයන්ට ආරාධනා කර ඇතත් සේවකයන් සහභාගි නොවී ඇත්තේ යම් බලපෑමක් හේතුවෙන් බව ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් දීර්ඝ අත්දැකීම් ඇති ජයන්ත ධර්මදාසට තේරුම් ගැනීම අපහසු නොවනු ඇතැයි ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ඇතැම් සේවකයන් පවසා ඇත.

එසේම එම අවස්ථාවට සහභාගිවීමට ආරාධනා ලැබ සිටි ක්‍රීඩා සමාජ අතරින් පැමිණ සිටියේ එක් ක්‍රීඩා සමාජයක නියෝජිතයෙක් පමණක් බව ද වාර්තා වේ.එය ද යම් සංවිධානාත්මක කටයුත්තක් විය හැකි බව එම වාර්තා පැහැදිළි කරනවා.

ක්‍රිකට් ආරංචි මාර්ග තව දුරටත් පෙන්වා දෙන්නේ වැඩ භාරගැනීම සුබ මොහොතක ලක්ෂණවලින් ඈත් කර අසුබ අසතුටුදායක තත්ත්වයකට පරිවර්ථනය කිරීමෙන් ඊයේ පැවති විධායක සභාවට ද සහභාගි නොවී ජයන්ත ධර්මදාසට නික්ම යන්නට පරිසරය සකස් කළ බවය.

“සමහර විට මතිවානන් කළ දේ ම කරයි”

ක්‍රිකට් කේෂ්ත්‍රයේ ඇතැම් අය මතිවානන්ට ද වඩා ක්‍රිකට් පරිපාලනයේ අත්දැකිම් සහ බලතල හෙබ වූ අයෙක් ලෙස ජයන්ත ධර්මදාස ද එපා වහෙට හොදි බෙදන ආකාරයේ සැළකිලි මධ්‍යයේ ක්‍රිකට් පරිපාලනයෙන් ඉවත් වෙන්නට ඉඩ ඇති බව පෙන්වමින් පැහැදිළි කරයි.

Recommended For You

About the Author: Editor