
නුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කා වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
තඹුත්තේගම – දහයියාගම මංසන්ධියේදී අද පෙරවරුවේ අදාළ වෙඩි තැබීම සිදුව ඇති බවට වාර්තාවේ. වෙඩි තැබීමේ සිද්ධියත් සමග ඔහු ගමන් ගත් මෝටර් රථය ද ගිනිගෙන ඇති බව සිද්ධිය දුටුවෝ පවසති.